ඩිසල් මිල රුපියල් පහකින් අඩුවුවද බස් ගාස්තුව අඩු කළ නොහැකි යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ
සංගමයේ සහාපති ගැමුණු

විජේරත්න මහතා පැවැසීය.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (20) පැවැති සංගමයේ ප්‍රවෘත්ති සාකඡාවකදී මේ බව ප්‍රකාශ කළ ගැමුණු විජේරත්න මහතා, ඩොලරයේ අගය ඉහළයාම, ඛස් රථ අමතර කොටස් මිල ඉහළයාම, ලිහිසි තෙල් මිල වැඩිවිම, ටයර් මිල සියයට 38කින් ඉහළයාම හේතුවෙන්  බස් ගාස්තුව අඩු කළ නොහැකි ඛව ද කීය.  මේ හේතූන් නිසා ඩීසල් මිල රුපියල්  5.00කින් අඩු වීමේ වාසිය මගීන්ට ලබාදීමට නොහැකි වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

-මහින්ද නිශ්ශංක -