පසුගියදා ලෝකයම කථාබහට ලක් කළ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල් කාර්යාලය තුළදී මරාදැමීමෙන් පසු මළ සිරුර පිටතට ගෙන ගොස් නොමැති බවත්
එහිදී අති ප්‍රබල අම්ලයක දියකොට ද්‍රව තත්වයට පත් කර අපවහන නල මාර්ග ඔස්සේ ඉවතට ගලායාමට සලස්වා ඇති බව
මේ වනවිට අනාවරණය වී තිබේ.
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කෂෝගි
ජමාල් කෂෝගි සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු දැඩිව විවේචනයට ලක්කල මාධ්‍යවේදියෙකු වූ අතර ඔහු ඇමරිකාවේ වාසය කරමින් වොෂින්ටන් පොස්ට් පුවත්පතට සම්බන්ධව කටයුතු කළේය. පසුගිය ඔක්තොම්බර් මස 02 වැනිදා ලියකියවිලි කටයුත්තක් සඳහා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය අවස්ථාවක ඔහු අතුරුදන් විය.
සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඔහු ඝාතනයට ලක්වූ බව සෞදි අරාබිය පසුව පිළිගත් අතර රජ කුමරු සම්බන්ධ නැති බව පවසා තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට මෙම ඝාතනයට අදාළ හඩ පට ප්‍රසිද්ධ කර තිබෙන අතර මෙම ඝාතනයට සවුදි රජපවුලේ සම්බන්ධය හෙළිවෙමින් පවතී.