ඊයේ රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කලේ රජයේ මුද්‍රණාලය ජනපති විසින් තමන් යටතට පත් කර ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂාව ලබාගත් පසුය.
එයට හේතුවූයේ ව්‍යවස්ථාවට පටහැණි බවට තර්ක නැගෙන එම කටයුත්තට
එහි පැමිණෙන පිරිස්
කිසියම් කලබලයක් ඇති කරාවිය යන සැකයයි. නමුත් එවැනි කලබලයක් එතැන ඇතිවූයේ නැත. මාධ්‍යවේදීන් පිරිසක් එහි ගොස් සිටි අතර බාහිර වෙනත් අය පැමිණ සිටියේ නැත. රාත්‍රී 10.30 ට පමණ ඇමති ලක්ෂ්මන් යාපා හා නිමල් ලන්සා එකම වාහනයක එතැනට පැමිණියේ මෙම කටයුත්ත ගැන සොයා බලන්නටය.
ඔවුන් මුද්‍රණාලයෙන් පිටවූ පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් නිවේදනය ඒ අවස්ථාවේ මාධය වෙත පෙන්වා තිබුණි.