ඔහු පවසන්නේ,
තමන් ඇතුලු පිරිස හෙට 14 පාර්ලිමේන්තුවට යන බවයි. එසේම අද අධිකරණය ලබාදුන් තීන්දුව අවසන් තීන්දුවක් නොවන බවද ඔහු මතක් කර සිටී.
ඒ බව නාමල්ගේ ට්විටර් පණිවිඩයකින් දන්වා තිබුණි.
මේ අතර අධිකරණ තීන්දුවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ,නිමල්
හෙට 14 දිනය පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් අරඹන දිනය වන අතර එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේනද සැසිවාරය අරඹමින් එහි පැමිණිමට නියමිතය.
මින් ඉහත කාලයේ පාර්ලිමේන්තු බහුතර තරගය සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡා පැවති අතරවාරයේ මහින්දට සම්බන්ධ අය දැක්වූ ප්‍රකාශ වලින් කියැවුනේ නව සැසිවාරය ඇරඹීමේ ජනපති කතාවෙන් පසු අවශ්‍ය තරම් කාලයකට පාර්ලිමේන්තුව කල් දැමීමේ සූදානමක් පැවති බවයි.
පාර්ලිමේන්තුව වසාදමන ලද කාලයේ සභානායකවරුන් සංවිධායකවරුන් ජනපති විසින් පත්කරන ලද්දේ මෙම කටයුත්ත උදෙසා බවටද කතාවක් පවතී.
එවැනි සිදුවීමක් වුවහොත් මහින්ද රාජපක්ෂට සිය අගමැති ධූරය උරගෑමෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් පසුව එජාපය අදහස් දක්වා පවසා තිබුනේ පාර්ලිමේන්තුවේ න්‍යය පත්‍රය කතානායකට අවශ්‍ය ලෙස සකස් කෙරෙන බවයි.එසේම කතානායක පිළිගන්නේ පෙර අගමැති පෙර සභානායක හා පෙර සංවිධායකවරුන් බවද ලිඛිතව දන්වා තිබුණි.
මහින්ද අස්නොවන බව නාමල්ගේ සටහන පහතින්