මෙම හමුව සාමකාමී ලෙස පැවති අතර එහිදී
රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාලිමේ උවමනාව නැවත නැවත පැහැදිලි කිරීමට ජනපති වෙහෙස ගත් බව පැවසේ. කෙසේ වෙතත් විශ්වාස
හරියට විශ්වාස භංගෙ ගෙනාවෙ නෑනේ යන්න ජනපති තවමත් කරන චෝදනාව වී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී එජාපය පවසා ඇත්තේ දෙවතාවක්ම විශ්වාසභංගය ගෙන ඒමෙන් පසු නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට අදහසක් නැති බවයි. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේදී බහුතරය කාට හිමිද යන්න පිළිබඳ යෝජනාවක් ගෙන ඒමේ හැකියාව ගැන ඔවුන් දන්වා ඇත.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත්තේ හරි එහෙම හැකියාව තියනවා නම් මට ලිඛිතව දෙන්න ලෙසිනි.
හෙට දිනයේ දී තමන්ට බහුතරය ඇති බව දිව්රුම් ප්‍රකාශ සහිතව ලිඛිතව පෙන්වන බව එහි දී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ එක්සත් ජාතික පක්ෂය විසින් ලිඛිත බහුතරය පෙන්වීමට නියමිතය. එය පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පරිබාහිර කටයුත්තක් වනු ඇත.
පසුගිය දිනවල මහින්ද පාක්ෂික මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු ක්‍රියා ගැන තමාගේ අනුදැනුමක් නැති බව අද සාකච්ඡාව අතරතුරදී මෛත්‍රි ජනපතිවරයා පවසා තිබේ.පාර්ලිමේන්තුව ඇතුළෙ රණ්ඩු කරගන්න එපා කියලා මං සියලු දෙනාට අවවාද කරනවා.. ඔහු පවසා තිබේ.
මෙම සාකච්ඡාව ප්රශ්නය තවත් දියාරු කරවන්නක් බවත් මේ තුළින් කිසිදු එකඟතාවයකට එන්නට ජනපතිගේ ඇති නොඋවමනාව පෙන්නුම් කළ බවත්
ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පිටතට පැමිණි පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
ජනපතිවරයා මහින්ද රාජපක්ෂව අගමැති ධූරයෙන් ඉවත් කරන්නට කිසිසේත් නොකැමති බව වෙනත් වචන වලින් අද ප්රකාශවූ බවද ඇතැම් නියෝජිතයින් අදහස් දක්වා තිබුණි.