https://www.gossiplankanews.com/2018/11/maithripala-responce-karu.html

නපති  විසින් විසුරුවන්නට අදහස් කරනු ලැබූ පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තාවකාලික නිර්දේශය මත නැවත අද (14) රැස්කරවන්නට සමත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස බොහෝ අදහස් පළවිය. ඒ අනුව අද දින පාර්ලිමේන්තුව රැස්වී
ජනපතිගේ මුල් තීරණය වූ විවාදයට

තුඩුදුන් බහුතර නැති අගමැතිධූරය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගන්නට දේශපාලන පක්ෂ රැසක් අද උත්සාහ කළ අතර 122 කගේ අත්සන යෙදූ ඉල්ලීමක් මත නව අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගයක්ද මතුකර එය බහුතර බලයකින් ජයග්‍රහණය කර පෙන්වන ලදි.

ජනපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනූ කෙනෙකු අගමැති ලෙස පත්කළ යුතු බැවින් මෙම තීරණය කතානායක වරයා විසින් ලිපි මගින් ජනපති වෙත අද දහවල් යොමු කළේය.

කෙසේ වෙතත් කතානායකවරයාගේ ලිපියට ප්‍රතිචාර දක්වන ජනපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව ලබාදුන් තීන්දුව තමාට අදාළ නැතැයි දන්වා ඇත.

ඒ අනුව තවදුරටත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගැනීමට අවශ්‍ය බව ඔහු දන්වා ඇත. ඔහු කතානායකගේ ලිපියද දැඩිව විවේචනයට ලක්කර ඇති අතර දේශපාලන පක්ෂග්‍රාහී එකක් ලෙස එය හෙළාදැක ඇත.

බහුතරය ඉදිරියේ තම තීරණයේ වෙනසක් නැති බව දක්වන ජනපතිවරයාගේ ලිපිය පහතින්