බදුල්ල බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටි මොහොමඩ් නව්ෆර් නොහොත් ‘පොට්ට නව්ෆර්’ නමැත්තා
දුම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇත.
මීට වසර 3කට පෙර එවකට පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ දී පලා යාමේ සැලසුමක් හෙළිවීම නිසා බදුල්ල බන්ධනාගාරයට මාරු කර යවන ලද නව්ෆර් නමැත්තා මෙහිදී ද පලායමේ සැලසුමක් පිළිබඳව හෙළි වූ තොරතුරු මත මෙම දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බවද එම නිලධාරියා කීය.
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4වැනිදාය.
ජයන්ත සමරකෝන්