https://www.gossiplankanews.com/2018/11/no-salary-moinisters.html

පාර්ලිමේන්තුවෙන් වැටුප් ලබමින් ආණ්ඩු පක්ෂය ලෙස හැසිරෙන පිරිස නීති විරෝධී බැවින් රජයේ ඇමතිවරුන් හා එම කාර්ය මණ්ඩල වල සේවකයින්ට රජයෙන් වැටුප් ගෙවීම නතර කරන ලෙස
ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් මෝසමක් ගොනු කර තිබේ.
14 වන දින පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංග යෝජනාව ප්‍රකාරව මේ අයට බලය නැති බව එහි දක්වා ඇත.
රාජිත සේනාරත්න,

රවි කරුනානායක,පාඨලී චම්පික රණවක,අර්ජුන රණතුංග, මනෝ ගනේෂන් හා ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් මෙයට අත්සන් යොදා තිබේ.

මේ අතර 14 වන දින පාර්ලිමේන්තු රැස්වීමේදී මහින්ද රාජපක්ෂ අගමැති ප්‍රමුඛ රජය පරාජයට පත්වූ බවට හැන්සාඩ් වාර්තාවද මේවනවිට මුද්‍රණයෙන් නිකුත්ව ඇත.