10.16pm
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනපති අත්සන් කර රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බව අද රාත්‍රී 10.15 ට වාර්තා විය.ඒ අනුව අගමැති ධූරය පිළිබද ගැටලුව අවසන් වන අතර කතානායකධූරය ඇතුළු තනතුරු සියල්ල අහෝසිවේ. ඉදිරි මහමැතිවරණයක් ළඟදීම පැවැත්වෙනු ඇත.
9.30 pm
අද (9) සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන බවට ආරංචි පැතිර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගේ ට්විටර් ගිණුමට අනුව ආණ්ඩුවට 113ක බහුතරය
නොමැති හෙයින් මෙවැනි තීරණයක් ගෙන
අද දිනයේදී හෝ ඉදිරි පැය 48 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩක් පවතින බව දේශපාලන ආරංචිද වාර්තා කර තිබුණි.
මේ වන විට ගැසට් නිවේදන පළ කරන රජයේ මුද්‍රණාලයත්, පොලිස් දෙපාර්තමේන්තුවත් සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයත් ජනාධිපති යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට ගැසට් නිවේදන ප්‍රකාශයට පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පෙන්වා දී තබෙන්නේ 19 වන සංශෝධනය අනුව මෙවැන්නක් කළ නොහැකි බවයි. ඒ සඳහා 2/3 බහුතරය අත්‍යවශ්‍ය බව 19 වන සංශෝධනයේ 17 වෙනි වගන්තියේ (1) හි දක්වා ඇත. නමුත් පසුගිය දිනවල හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසා තිබුනේ පාර්ලිමේන්තු සැසිය අවසාන කර තිබෙන අවස්ථාවක ජනපති බලතල ප්‍රකාරව එවැන්නක් සිදු කළ හැකි බවයි.