https://www.gossiplankanews.com/2018/11/parliament-issue.html#more
අද පාර්ලිාම්න්තුවේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට යවන ලද ලිපිය කතානායක කරූ ජයසුරිය විසින් පිළිනොගන්නා බව පාර්ලිමේන්තුව හමුවේ
අවධාරණය කළා.

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් සිටින අතර ඔහුගේ ප්‍රකාශය හරහා ප්‍රධාන වශයෙන් සදහන් කලේ රුපියල කඩා වැටිම සහ ඉන්ධන මිළ ඇතුලු කරුණූ මෙන්ම ජනාධිපති මෛත්‍රී පාලඝාතනය කිරිමට උත්සහ ගත් බවට පලවු වාර්තා පිළිබදවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ලක්ෂ්මන් කිරිඇල්ල මහින්දගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පවසමින් නම කියා ඒ වෙනුවෙන් ඡන්ද විමසිමක් ඉල්ලා සිටි අතර ඒ සමගම මහින්ද පිරිසේ මැර මන්ත්‍රීවරුන් කතානායකවරයාට පහරදිම සදහා ඔහු අසලට පැම්ණී අතර ඒ සමගම උණුසුම් තත්ත්වයක් ඇති වුනා.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ කතාව සම්බන්ධයෙන් විශ්වාසය නොමැති බවට වූ යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කියා සිටිමෙන් අනතුරුව මෙම නොසන්සුන්තාව ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් නමින් ඡන්ද විමසීමක් සිදුකළ යුතු බවයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා යෝජනා කළේ.

ඒ සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සභාවේ එකගතාව විමසූ කතානායකවරයා එම ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේදී සභාවේ කලහකාරි තත්ත්වයක් ඇති වුණා.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කතානායකවරයාගේ අසුන වට කර ගනිමින් ඊට විරෝධය පළ කර අතර ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බව අප වාර්තාකරු සදහන් කර සිටිනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ  නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුවුණා.

කතානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න බිම ඇද වැටී තිබෙනවා.

මේ අතර කතානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්‍රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්‍රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.