ශ්‍රී ලන්කන් ගුවන්
සේවයේ සභාපති ලෙස කටයුතු

කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට
තීරණය කර තිබේ. අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් භාර දී තිබේ.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාස 6කට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.