රුසියාවේ, මොස්කව් නුවර පදිංචිව සිටින ඩිමිත්‍රි සෙරොව් (26) නැමති මෙම තරුණයා තම විදේශිය මිතුරන්
පිරිසක් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ඉකුත් (10) දා අළුයම ශ්‍රීපාදස්ථානය බලා ගමන් කරන අතරතුරදී ඔහුගේ ජංගම දුරකතනය අස්ථානගතවී ඇති බවට එදින උදෑසණ නල්ලතන්නිය පොලීසියට පැමිණිළි කර ඇත. එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වි ජීපීඑස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන ලද
මෙම ජංගම දුරකතනය සන්තකයේ තබාගෙන සිටි සැකකරු ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන විදේශිකයින්ට මග පෙන්නන්නෙක් ලෙස කටයුතු කරන අයෙකු බවත්, වෙනත් විදේශිකයින් පිරිසක් සමග ශ්‍රීපාදස්ථානය බලා ගොස් ආපසු පැමිණෙමින් සිටි අතර ශ්‍රීපාද මාර්ගයේ වැටී තිබීයදී දුරකතනය අසුලා ගත් බවට සැකකරු පොලීසියට කියා සිටි බවත් පොලිස්ථානාධිපතිවරයා පැවසීය.
මෙම ජංගම දුරකතනය රුසියානු ජාතිකයාට නල්තන්නිය පොලීසියේදී බාර දිමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.
තම ජංගම දුරකතනය අස්ථානගතවී පැය කීපයක් ඇතුළත නැවත දුරකතනය සොයා දීම සම්බන්ධව රුසියානු ජාතික ඩිමිත්‍රි සෙරොව් මහතා ශ්‍රීලංකා පොලීසියට හා තමන් ඇතුලු නිලධාරීන් පිරිසට ස්තූතිය පුද කළ බවත්, මෙවන් ක්‍රියාශීලි, වෘත්තීමය, අවංක පොලීසියක් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධව දැඩි ප්‍රශංසාවක් පුදකරන බවත් පැවසු බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කමලේෂ්වරන්, පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්ෂ (76520) හා පො.කො. රියදුරු රණසිංහ (15593) යන නිලධාරීහූ මෙම වැටලිමට එක් වූහ.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)