පාසල් ගුරුවරියකගේ නිවෙසකින් රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ පාසල් සිසුන් හතර දෙනකු යාපනය පොලිසිය මඟින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ. අරියාලේ පළාතේ පදිංචිව සිටින මෙම පාසල් ගුරුවරියගේ දියණිය ඉගෙනුම
ලබන පාසලේ මිතුරන් හතර දෙනකු කලාන්තරයක් තිස්සේ මෙම නිවසට යෑමට ඒමට පටන් ගැනීම නිසා ගුරුවරියගේ විශ්වාසය දිනාගෙන ඔවුන් පවුලේ සාමාජිකයන් ලෙස කාලයක් ඇසුරු කොට තිබේ.
මෙම සිසුන් හතර දෙනා වරින් වර නිවසේ තිබූ මුදල් හා
බැංකු ගිණුම්වලින් මුදල්ද ලබාගෙන ඇති අතර කාඩ්පත්වලින් යාපනය නගරයේ වෙළඳසල්වලින් මත්පැන්ද මිලට ගෙන තිබේ. මේ සිසුන් හතර දෙනාම සියලුම දේ හොරකම් කොට ඇත්තේ මත්පැන් පානය කිරීමට බව හෙළි වී තිබේ. යාපනය පොලිසිය සැකකරුවන් හතර දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.