මෛත්‍රී යළි රනිල්ව අගමැති ධූරයට පත් කළේ 'සිතකින් නොවේ' යයි
ඊයේ ඔහු කළ කථාවෙන්ද තහවුරු විය. මෛත්‍රීද මූලිකවී මෙහෙයවන ලද සිද්ධිදාමය අසාර්ථකවීමෙන් පසු ඔහුට පැනනගින වේදනාව හා කෝපය ඊයේ කතාවෙන් පිටකරන ලදැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
එසේම ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් එල්ල කරාවි යන බියද එම කතාව තුළ සැඟව පැවතිණි.
2003-2004 කාලයේ චන්ද්‍රිකා රනිල් විරසකය නිසා රටේ වැඩ අවුල්වූ ආකාරයට ඊයෙ සිට ජනපති-අගමැති එක්වී රට කරන ඉදිරි මාස කිහිපය අවුල් සහගත ආකාරයට ගෙවී යන්නේ නම් රටට ස්ථාවරත්වයක් නැත. ඔවුන්ගේ සමගිය රටේද සමගියයි.
කෙසේ වෙතත් මහින්ද කදවුර ඉදිරි මාස කිහිපය සිය මැතිවරණ ජය වෙනුවෙන් දැනටමත් සමාජ මාධ්‍ය හවුල් කරගෙන විවිධාකාර ප්‍රචාරක වැඩසටහන් අරඹා ඇති අතර වෙනදාටත් වඩා ප්‍රබලව ප්‍රබන්ධාත්මක කතා, මඩ පෝස්ටර පතුරුවාලීම ඊයෙ සිටම ආරම්භ කර තිබෙනු දක්නට ලැබේ.එහිදී මෙම විරසකය වඩාත් තිව්ර කරවනු ඇති අතර එය රටට හිතකර දෙයක් නම් නොවනු ඇත.
ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊට පිළිතුරක් සපයා තිබේ.
"අපි මේ ගමන අර්බුද ඇති කරගන්නේ නැතිව..අර්බුද තිබෙනවා නම් තනි තීරණ ගන්නේ නැතිව..සාකච්ඡා කරලා විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා. අපි ඒවා සියල්ලම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහොම පැහැදිළිව කියන්න ඕනේ.. අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන කථා කළෙත් නෑ..ඒවා කරන්නට බලාපොරොත්තුවකුත් නෑ."
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මේ සම්බන්ධව පවසා තිබුනේ මෙවැන්නකි.
"නීතිවිරෝධී ලෙස අපි කිසිම කටයුත්තක් කරන්නේ නෑ. අපි විනිවිදභාවයයි..විවෘතභාවයයි..යහපාලනයයි මේ රටේ ඇති කරලා තියෙනවා. චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න.. මේ රටේ නීතිය හොඳට වැඩ කරන බව අපි දැක්කා පසුගිය දවස්ටිකේ. "