ජනාධිපති රටේත්, රජයේත් විධායකයේත් ත‍්‍රිවිධ හමුදාව සහ ආරක්‍ෂක අංශවලත් ප‍්‍රධානියායි. ඔහු ක‍්‍රියාවේ යොදවන්නේ ජනතාවගෙන් ඔහුට පැවරුණ විධායක බලතලයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙම කරුණ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ බලතලවලට අධිකරණයක් හමුවේ අභියෝග කරන්න බැහැ.
එනිසා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නියෝග කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සියල්ලම අහක දැමිය යුතු යයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ (5 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
නීතිපතිවරයා එසේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතාවයක් මතු කරමිනි.
ඊයේ දීර්ඝ වේලාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා එම කරුණු සනාථ කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ
ජනාධිපතිවරයා කළ ක්‍රියාවක් ගැන අධිකරණයක් හමුවේ ප්‍රශ්න කරන්න හෝ ඔහුට එරෙහිව නඩුවක් පවරන්න බැහැ. නඩුවකට ඉදිරිපත් නොවීමට වගඋත්තර නොබැඳ සිටීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විශේෂ වරයක් මුක්‌තියක් ජනාධිපතිට ලබාදී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිට එරෙහිව පවරන නඩුවක් විභාග කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නැතැයිද නීතිපතිවරයා පැවැසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්වලින් චෝදනා කර ඇති නමුත් කිසිදු මූලික අයිතිවාසිකමක් ඔහුගෙන් උල්ලංඝණය වී නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නියෝග කිරීමෙන් ඔහු කර ඇත්තේ ජනතාවගේ මූලික අයිතිය වර්ධනය කිරීමක් බවත් ඔහු කීය.
ජනාධිපතිවරයා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කරගත හැක. නැත්නම් ඔහු කළ වරද පාර්ලිමේන්තුවේ කථානායක මාර්ගයෙන් ඔහු දැනුවත් කළ හැක. ඒ හැර නීතියක් මගින් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,
19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීමටයයි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් තර්ක කරමින් කියා සිටිය නමුත් එවැන්නක් සිදුවී නැති බවත් නීතිපතිවරයා කීය.
19 වන සංශෝධනයට ඇතුළත් කළ 70 වන වගන්තියෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුවීමයි.
කලින් ව්‍යවස්‌ථාවේ තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව මුලින්ම රැස්‌වූ දින සිට වසරක් ගතවූ පසුව විසුරුවා හැරිය හැකි බවයි.
නමුත් 70 වගන්තිය අළුතින් ඇතුළත් කළ වගන්තියක් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි තත්වයක් ඇතිවුණා. කලින් නීතිගතව තිබුණේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් යෝජනාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනාධිපතිගෙන් එම ඉල්ලීම කළ හැකි බවයි. මේ අනුව 19 සංශෝධනය නිසා බන්ධනය වී ඇත්තේ ජනාධිපතිට තිබූ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල යැයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.
-සරත් ධර්මසේන-