දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර මෙම සැකකරුවෝ ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
කලක සිට යකඩ හොරු විසින් ටැංකි කිහිපයක් කපා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ටැංකි දෙකක් කපා යකඩ තහඩු ඉවත් කරගෙන ගොස් තිබේ. ලංකා ඉන්දීය තෙල් සමාගම චීන වරාය පොලිසියට කළ පැමිණිලෙත් මෙම ටැංකි දෙකට කළ හානිය ලක්ෂ අනූවක් ලෙස දැනුම් දී තිබේ.
ත්‍රිකුණාමල වරායට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යය ඡාතිකයන් 1924 දී ටැංකි 101ක් ඉදිකර 1930 දී වැඩ අවසන් කර තිබුණි. මෙම ටැංකි අගල් 2 1/2 යකඩ තහඩු රිවට් ඇණවලින් සවිකර ඉදිකර තිබුණු විශ්මිත නිර්මාණයක් ලෙසින් සැලකේ. අක්කර 685 වපසරියක් තුළ විහිදී ඇති ටැංකි වැඩි කොටසක් කැලෑවට ගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ චීන වරාය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුඹුරේගම මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
-අමදෝරු අමරජීව-