උඩවලව වනෝද්‍යානයේ ජීවත්වූ අවුරුදු 11 ක් පමණ වයසැති ඇත් පැටවකු 30 දින රාත‍්‍රි හඳුනානොගත් කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදමා ඇති අතර උඩවලව ජලාශ පිටවාන ප‍්‍රදේශයේදී මඩේ එරී මියගොස්
සිටියදී සිරුර හමුවී ඇත.
මෙසේ මියගිය ඇත්පැටවා පුරුදු ආවේණික
පසුව උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ඇතුළු කණ්‌ඩායමක් මරණ පරීක්‌ෂණය පවත්වා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ බෙහෙත් කොටන තුවක්‌කුවක් යොදාගෙන තබන ලද වෙඩි පහරින් හිසට සහ කන් දෙකට බරපතළ තුවාල සිදුවීමෙන් මරණය සිදුවී ඇති බවයි. සැකකරුවන් ඒ අවට ගම්මානවල පුද්ගලයන් බවට සැකකරන බව උද්‍යාන භාරකරු පවසයි.
- එච්. එස්. අබේරත්න -