ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ දින 50 විප්ලවයෙන් පසු එජාපය ආණ්ඩුව ලෙස කටයුතු කරද්දී ජනපති
මහින්ද සමග වෙන මතයක් දැරීම නිසා රජයේ මාධ්‍ය බල විභේදනයකට ලක්වූ අතර ඉදිරියේදී එජාපයේ මතය පමණක් ප්‍රකට කිරීමක් සිදුවෙතැයි සිතූ ජනපති ඊට විරුද්ධ විය. මෙහිදී මාධ්‍ය ඇමති මංගල පෙන්වාදුන්නේ එජාපය වෙනුවෙන් පක්ෂග්රාහී මාධ්‍ය කලාවක් පවත්වා නොයන බවයි. එසේම අවශ්‍ය නම්
ජාතික රූපවාහිනියේ සභාපතිනිය මංගල නම් කරද්දී එහි අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සාරංග විජේරත්න මහතාත්, ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය මංගල නම් කරද්දී ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතාත්, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සම්පත් දේශප්‍රිය මහතාත් පත්කරන්නට ජනපති නිර්දේශ කර ඇත.
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවට තවම ජනපති නියෝජිතයෙකු නම් කර නැත.
ඒ අතරම දින 50 රජයේ වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර සිටින නාලක කළුවැව මහතා වෙනස් නොකරන ලෙසද ජනපති දන්වා ඇත.