ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු අදට අවසන් වෙද්දී අභියාචනාධිකරණය මගින් ලබා දුන් අතුරු තහනම් නියෝගය තවදුරටත් බල පැවැත්වෙන බව ප්‍රකාශ විය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට අද තීරණය වුවත් මහින්දගේ නීතීඥයින් අපේක්ෂා කළ පරිදි එය අත්හිටුවීමක් සිදු නොවීය. පස්වර 5.45ට අධිකරණ කටයුතු අවසන් වෙද්දී දන්වා සිටියේ
පෙත්සම් විභාගය නැවත ජනවාරි මස 16, 17 හා 18 සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබෙන නිසා එහිදී තීරණය ලබාගන්නා ලෙසයි.
ඒ අනුව මහින්දගේ අගමැති ධූරය මෙන්ම එම ඇමති මණ්ඩලය තවදුරටත් අවලංගුවී පවතී.
1.31pm update
අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරනය නිකුත්කළ අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ත්‍රිපුද්ගල විනිසුරුවන් නොව පංච පුද්ගල විනිසුරු
මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ට ඉදිරිපත් කෙරුණු මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ශේප කර තිබේ.
මින් ඉහත යොදාගත් ආකාරවටම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තවදුරටත් සලකා බැලෙන අතර තවත් මෝසමක් මගින් ඊවා වනසුන්දර නමැති විනිසුරුවරිය
අද විභාගය ආරම්භ වූ පසු මේ ගැන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ, මෙම පෙත්සම අදම විභාගයට ගත යුතු බව ය.
පෙත්සම් අදම විභාගයට නොගන්නේ නම් ඉදිරියට යාමක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද පැවසුවේ ය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ, ඇතැම් වගඋත්තරකරුවන්ට අධිකරණය නිකුත් කළ නොතීසි තවමත් ලැබී නොමැති බව ය.
පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය බව ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා පැවසුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමිනි.