'මං ඊයෙ එජාප නියෝජිතයන්ට කිව්ව දේ අද මාධ්‍ය වල පළවෙලා තියෙනවා. 225 ම අත්සන් කළත් මං රනිල්ට අගමැති කම දෙන්නෙ නෑ කියන එක. ඒක මම
අදත් කියනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. දේශීයත්වය අපේකම, අපේ ආගමික ධර්මතාවයන් කිසිවක් මේ මනුස්සයට නෑ. ඒ නිසා මං ඉතා පැහැදිලිව කියන්නට ඕන මේ නිසා මං බලයට එන්න ඡන්දය දුන් එජාප
මෙයාට මහ පොලවේ අඩිය ගහල යන ගතිය නෑ. ඒ කිසිවක් දැනෙන්නෙ නෑ. එයා නව අන්ත දක්ෂිණාංශික අදහස් වලින් දේශපාලන වශයෙන් හිරි වැටිලා. ඒ නිසා දැනෙන්නෙ නෑ. ඒ නිසා මේ සියලු දේවල් සලකා අප හෙට රට වෙනුවෙන් වගකීම් හා යුතුකම් ඉටු කරමු. ඒ සඳහා ශ්‍රීලනිපය ශක්තිමත් කරමු . කාටවත් ශ්‍රිලනිපය දුර්වල කරන්න ඉඩ දෙන්නෑ.
අද දවසේ දේශපාලන අර්බුදය වැඩිම වුනොත් ස්ථිර වශයෙන්ම සතියක් තුළ විසඳනවා. මං ඔබට සහතික වෙනවා. ඒ රට වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් හෙට උපදින දරුවන් වෙනුවෙන්. ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි රනිල් ඒ දේශපාලන කරුමය අපි පින් කරලා ඒ ප්‍රශ්නය විසඳගමු. ඒ පිනට සියල්ලන් දායක කරගමු.'