නව අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව සම්පූර්ණ වශයෙන් දෙපිරිසගේම සහභාගීත්වය ඇතිව අද දහවල් 1 ට රැස්වීමට නියමිතය. එහෙත් අද පාර්ලිමෙන්තුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් ආසන පැනවීම ගැටලුවක්
වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි

මාර්ගවලින් පැවසේ.  ඇමැති මණණ්ඩලය තවමත් දිවුරුම් දී නැති හෙයින් මෙම  ගැටලුව මතු වී තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.

 මේ සම්බන්ධයෙන්  කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා  පැවැසුවේ ඇමැති මණ්ඩලයක් තවමත් දිවුරුම් දී නැති හෙයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව අද අසුන් පනවන බවයි. මෙම  කෙසේ වෙතත් අගමැතිවරයාගේ ආසනය සුදානම් කිරීමට කිසිම බාධකයක් නැතැයි ඉද්දවල මහතා කීය.  මේ අතර පාර්ලිමේන්තුවේ අද දින න්‍යාය පත්‍රය තීරණය කිරීම සදහා පක්‍ෂ නායකයින්ගේ රැස්වීමක් අද දහවල් 12.00 ට පැවැත්වෙන බව නියෝජ්‍ය මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
 -සුජිත් හේවාජුලිගේ-