අම්මාත් තාත්තාත් තමාට වඩා මල්ලීට සහ නංගීට ආදරය කරන බවත් තමන්ට වෙනස්කම් කරන බවත් කියමින් 12 හැවිරිදි දරුවකු ඉකුත්දා (17) රාත්‍රී අඬමින් පොලිසියට පැමිණි බව දඹුල්ල පොලීසිය පවසයි.
දඹුල්ල නගරාසන්නයේ පදිංචි බව කියු මෙම දරුවා පොලිසියට පැමිණ එහි පිළිගැනීමේ පොලිස් නිලධාරියා හමු වී තමාට පැමිණිල්ලක් කිරීමට ඇති බව පවසා ඇත.
තාත්තා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවකු බවත් මව කුලී වැඩකරන බවත් ඔහු පොලිසියට කියා
මේ අතරතුර දරුවාගේ අම්මා ද පොලිසියට පැමිණ තම වැඩිමහල් දරුවා හිතුවක්කාරකම් කරන බවත් ඔහුට ආදරය නොමැති බව නිතර පවසන බවත් පොලිසියට කියූ බව පොලිසිය සඳහන් කරයි.
පසුව දරුවාගේ පියා ද පොලිසියට කැඳවා කුඩා දරුවන් නිතරම ආදරය සොයන බවත් සෑම දරුවකුටම් සමානව සලකන ලෙස අවවාද කළ බවත් පොලිසිය කියයි.
-කාංචන කුමාර ආරියදාස-