සැරයන්වරයාගේ නිවෙස අසල පදිංචි අසල්වාසියකු හා සැරයන්වරයා අතර රාත්‍රි 8.00ට පමණ යම් ආරවුලක් ඇතිවී බහින්බස් වීමක් සිදුව ඇත.
එම අවස්ථාවේදී අසල්වැසියා විසින් තියුණු පිහි පාර කිහිපයක් සැරයන්වරයාගේ පපු ප්‍රදේශයට හා පිට ප්‍රදේශයට එල්ල කර තිබේ. ගැටුම සිදුවන අවස්ථාවේ සැරයන්වරයාගේ
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ජීවත් වූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි 28 හැවිරිදි එක්දරු පියෙකි.
ඔහු හිටපු හමුදා සෙබළක් බවද පැවසේ.
මෙම ඝාතනය ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් සිදු වුවක් බවද ජා-ඇල පොලීසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.ජා-ඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.