ඉල්ලා මෙම පෙත්සම යොමු කර තිබුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ෂර්මිලා ගෝනවල මහත්මියයි.මෙම පෙත්සම මගින් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වමින් කෝ වොරෙන්ටො රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.
පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හිටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි උවමනාවකි.
ලේක්හවුස් ආයතනය රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය
වාර්තා මගින් කියැවෙන්නේ වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණක් බවය.
සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවක් මෙහිදී ඉදිරිපත් කළ නොහැකි බව නීතීඥයින් පෙන්වාදී ඇත. කොටස් හිමි වුවත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු නොවන අතර එසේ වීනම් පමණක් මෙම චෝදනාව නිසා ඔහු වරදකරුවෙකු වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති වගන්තිය මෙසේය.
'91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද,
මීට පෙර රාජිත සේනාරත්න මහතාට මේ හා සමාන චෝදනාවක් එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කරද්දී මනිත්‍රී ධූරයක් දැරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීමය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ෂර්මිලා ගෝනවල මහත්මිය අද මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වන බව දන්වා ඇත. කෙසේ වෙතත් අභියාචනාධිකරණය මෙය විභාගයට ගන්නවාද නැද්ද යන්න තවම තීන්දු කර නැත.
පහත පළවන්නේ ලේක්හවුස් ආයතනයේ කොටස් හිමියෙකු ලෙස දිගු කලෙක සිටම රනිල්ගේ නම සටහන්ව ඇති අයුරුය.