අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක
මහතාට සහ නීතීපතිවරයාට ලබන 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අද 3 ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
සිංහලේ අපි සංවිධානය රන්ජන්ට එරෙහි කළ පැමිණිල්ල ප්‍රකාරව මෙලෙස නෙතීසි නිකුත් කර තිබේ.
ඔහු දෙරණ වාද පිටිය වැඩසටහනකට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදු කර තිබූ අතර ඒ ගැන පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් කියා තිබුනේ තමා කියූ දේ වෙනස් කර සමාජ මාධ්‍ය වෙනස් අර්ථ නිරූපණයක් දක්වමින් මෙම චෝදනා කර ඇති බවයි.
රන්ජන් මීට ඉහත නීතීඥයින් දූෂිත බවට කර තිබූ ප්‍රකාශයක් ගැන වෙනම අපහාස නඩුවක්ද පවතී.