හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ලබන ජනවාරි මාසයේ 24 වනදා තංගල්ල හෝටලයකදී විවාහවීමට දින යොදාගෙන තිබීම සම්බන්ධයෙන්  එයට අදාළ ආරාධනා පත්‍රයක්
ඔස්සේ තොරතුරු පිටවීමෙන් පසු

එම ආරාධනා පත්‍රය ව්‍යාජ එකක් බවට රෝහිත රාජපක්ෂ සිය ටිව්ටර් ගිණුම මගින් ඊයේ (30) සටහන් තැබුවේය.
කෙසේ වෙතත් මංගල උත්සවය පවත්වනවාද නැද්ද යන්න ගැන වැඩි විස්තරයක් කිසි තැනක සඳහන්ව නැති නමුත් ජනවාරි 24 වනදා තංගල්ල රන්න හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වන්නට සියලු කටයුතු යොදා ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා මාධ්‍ය කළ විමසීමකදී තහවුරු කර තිබේ. අද (31) දින ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක්ද ලබාදී ඔහු මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණි.
එම උත්සවය ගැන වැඩි විස්තර මෙතැනින්