ඔක්තෝබර් 26 වෙනසින් පසු ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිපාලනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ ගුණගායනා කරන පිරිස් පත්කළත් දෙසැම්බර් 16 සිට රනිල්
අගමැති ධූරයට පත්වීමෙන් පසු එම තත්වය වෙනස් විය. 19 වනදා මංගල ඇමතිවරයා පළමු රාජකාරිය ලෙස පෙර පැවති පරිපාලනයම යළි ස්ථාපිත කළේය.
නමුත් ජනපතිවරයා මේවනවිට රනිල් පිලට වඩා මහින්ද පිලට නැඹූරුවීමේ තත්වය මත මෙම පත්කිරීමට ජනපති කැමතිවූයේ නැත. ඔහු පවසා තිබුනේ
කෙසේ වෙතත් මෙම පරස්පරය නිසා රජයේ කටයුතු වලට ලැබෙන ප්‍රචාරණය දේශපාලනිකව වෙනස්විය හැකි බව ඇමති මංගල පෙන්වාදුන් අතර එමගින් වියහැකි අභ්‍යන්තර ගැටලු ගැනද පෙන්වාදී ඇත. එජාප පාලනය යටතේ රජයේ මාධ්‍ය ආයතන කිසිවෙකුට පක්ෂග්රාහී නොවන ආකාරයට මෙහෙයවනු ඇති බවද මංගල කියා තිබේ.
එනමුත් ජනපතිවරයා එක්වරම එම අදහසට එකඟවී නැත. ඉන්පසු මංගල ඇමතිවරයා යෝජනා කර ඇත්තේ එසේ නම් පක්ෂ විපක්ෂ දෙපැත්තේම අදහස් ප්‍රචාරණය පිණිස අවශ්‍ය නම් ජනපතිවරයාට තමන්ගේ දේශපාලන ස්ථාවරය නියෝජනය කරන නියෝජිතයින් රූපවාහිනියට හා ගුවන් විදුලියට පත් කළ හැකි බවයි.
රාජ්‍ය මාධ්‍ය ආයතන පවරා ගැනීමක් සිදු නොකොට ඒ සඳහා තම නියෝජිතයකු බැගින් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසානයේ එකඟතාවයකට පැමිණ තිබේ.ඒ අනුව සිය නියෝජිතයන්ගේ නම් ඇමතිවරයා වෙත ජනාධිපතිවරයා යොමුකරනු ඇතැයි වාර්තා වන අතර නව තනතුරු නොබෝ දිනකින්ම පත්කරනු ඇතැයි වාර්තා වෙයි.
අභ්‍යන්තර ආරංචි පවසන්නේ ඒ අනුව සභාපතිවරයා එක් පක්ෂයකිනුත් අධ්‍යක්ෂජනරාල්වරයා තවත් පක්ෂයකිනුත් ආකාරයට දෙමුහුන් ස්වරූපයකින් පත්වීමට ඉඩ ඇති බවයි.