හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යොමු කර තිබේ. දෙසැම්බර් 04දා පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
සම්මේලනය පිළිබඳව ගම්පහ
ලසන්ත අලගියවන්න මහතා කැලණිය සංවිධායකවරයාට සහ තමා හට ඒ බව දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇතැයි තමන් දන්නා බවද හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර තිබේ. තමාගේ දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ රත්නසේන කැටවලගේ මහතා නොවැම්බර් 30දා වෙනත් කටයුත්තක් සඳහා පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුටද පෝස්ටර් ලබාදී තිබූ නමුත් දෙසැම්බර් 30 වැනි දින වන විටත් පක්ෂයේ කිසිම අයකු තමාට මේ රැස්වීම ගැන දැනුම් නොදුන් බවත් හිටපු ජනාධිපතිවරිය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
-පහන් විජේසේකර-