උද්ගත වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු දැනට පිහිටුවා තිබෙන රජය එජා පෙරමුණේ රජයක් වුවත් එය ජාතික රජයක් වීමට ඉඩ තිබෙන බවත් ඒ අනුව 19 සංශෝධනයට අනුගතව ඇමතිධූර 30 ට වැඩියෙන් පිරිනමන්නට
හැකියාව ඇති බවත්
19 සංශෝධනය ප්‍රකාරව කැබිනට් ඇමතිධූර 30 රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධූර 45 සීමාව පවතින්නේ තනි පක්ෂයක රජයකදී පමණි.
පිහිටුවන්නේ ජාතික රජයක්ද නොඑසේ නම් එක්සත් ජාතික පෙරමුණු රජයක්ද යන්න තවම අවසන් තීන්දුව ගෙන නැති බවත් ඉදිරි සතියේදී තීරණය කරන බවත් ඔහු කියයි.
අරලියගහ මන්දිරයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතු බවට සඳහන් වගන්තිය අනුව එම අමාත්‍යවරුන් 30 ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිවන අමාත්‍ය ධුර 3 සමඟද නැත්නම් ඉන් බැහැරවද යන්න ඉදිරීයේදී පැහැදිලි කරගත යුතුව ඇතැයිද ජනපති එජා පෙරමුණට අයිති නොවීම මත ශ්‍රිලනිප එජාප හවුලේ ඇමතිධූර බෙදීයාම මත මෙම තර්කය මතුව ඇතැයි කීය.