පොලිස් වසමට අයත් කිරිමැටියාන ප්‍රෙද්හයෙන් වාරඒතාවේ. කිරිමැටියාන බෞද්ධ බාලිකාව අසල ඇති නිවසක සොරකම සිදුව ඇත.
මේ සම්බන්ධව නිවැසියන් කොස්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව හලාවත කොට්ඨාස පොලිස් සුනඛ ඒකකය කැඳවා නිවෙස පරීක්‍ෂා කර සැකකරුවන් සෙවීමට පියවර ගෙන ඇත.
පොලිසිය සැකකරන අන්දමට මෙයට ටික දිනකට පෙර නිවෙස අලුත්වැඩියා කිරීමට පිරිසක් පැමිණ ඇති හෙයින් ඔවුන් නිවෙස ඇතුළත ඇති බඩු බාහිරාදිය හා නිවැසියන් නිවෙසේ රැඳී සිටින ස්ථාන ගැන දැඩි සෝදිසියෙන් සිට මෙම සොරකම සිදුකර
මමත් මගේ බිරිය හා දියණියත් ඉහළ මහලේ නිදාගෙන සිටියා. මව පහත මහලේ නිදා සිටියා. අලුයම එකවරම සිවුදෙනකුගෙන් යුත් පිරිසක් පිහි කඩු රැගෙන මා ළඟට ආවා. ඔවුන් මගේ දෑත් පස්සට තබා ගැට ගසා දෙදෙනකුව මා අසල රඳවා තැබුවා. අනතුරුව මගේ වයස අවුරුදු 10ක දියණියව අතින් අල්ලාගෙන ඇත්ත නොකීවොත් ඇයව මරණ බවට තර්ජනය කර ඇයව නිවෙස පුරා රැගෙන ගොස් තොරතුරු විමසමින් රන් භාණ්ඩ හා වටිනා දේ ගත්තා. මෙයට පෙර දිනක තමාට කළ තර්ජනයකට පළිගැනීමක් ලෙස තමන් පැමිණි බව කියමින් ඔවුන් මාව නොමඟ යැවීමට කටයුතු කළා.
එවැනි තර්ජන සිදුවීමක් කොහෙත්ම සිදු වී නැහැ. රන් භාණ්ඩ, වටිනා අත්ඔරලෝසුව හා නිවෙසේ බැංකු පොත් ආදිය තිබෙන තැන් සොයාගෙන ඔවුන් පලා ගියා. මගේ දියණියට කරදර කරයි කියා බයෙන් මමත් මගේ බිරියත් කලබල කළේ නැහැ. සොරුන් රැගෙන ගිය තම අත්ඔරලෝසුවම රුපියල් ලක්‍ෂ 02ක් පමණ වටිනා බවත් ඔහු වැඩිදුරටත් කීය. කොස්වත්ත පොලිසිය පරීක්‍ෂණ මෙහෙයවන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
-රෝස් කොලින්-