දෙහිවල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක සේප්පුව විවර කර රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසියට පැමිණිලි ලැබී ඇත. මෙසේ සොරකමට පැමිණි පුද්ගලයන් ආරක්ෂක
කැමරාවේ ගබඩා පද්ධතියද රැගෙන ගොස් ඇත. මෙ වෙළෙදසල ඉදිරිපිට විදුලි පඩිපෙළ අසල තිබෙන වීදුරු දොර කඩා ඇතුළු වී මෙම සොරකම කර ඇතැයි පොලිසිය කියයි.
ඉකුත් 28 වැනිදා දහයට පමණ සුපිරි වෙළෙඳසල වසා පසුදින (29) පෙරවරු පහට පමණ එය විවෘත කිරීමට
මුදල් සොරාගත් සේප්පුව අසලම තවත් සේප්පුවක් තිබී ඇති අතර එයද යතුරු යොදා විවෘත කිරීමට කළ උත්සාහය වන වී ඇතැයි පොලිසිය කියයි. වෘත කරන ලද සේප්පුවේ මුදල් සොරා ගැනීමෙන් පසු රුපියල් හතළිස් දහසක් හා පනස් දහසක් අතර ප්‍රමාණයක් එම සේප්පුව උඩ දමා ගොස් ඇතැයිද පොලිසිය පවසයි. එම වෙළඳසලෙහි සේවය කරන පුද්ගලයකු හෝ කිහිපදෙනකු එක්ව සොරකම කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
-එම්.සී.පෙරේරා-