එක්තරා ව්‍යාපාරිකයකු විසින් කිසිදු අවසරයකින් තොරව එම දහම් පාසල පවත්වාගෙන ගිය බවද ඒ සඳහා පාසලේ ගොඩනැගිලි හා වෙනත් සම්පත් අවභාවිත කළ බවද නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මය පැවසුවාය.
ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යාංශයට තමා කළ පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණයක් පවත්වා එම දහම් පාසල තාවකාලිකව වසා දමා තිබූ අතර ආණ්ඩුකාරවරයා තමාට දුරකතනයෙන් කතාකර බලහත්කාරයෙන් එම දහම් පාසල අද යළි විද්‍යාල භූමියේ පවත්වා තිබෙන බවද විදුහල්පතිනිය කීවාය. අසාද් සාලි මහතා අනුලා විද්‍යාලයට ඊයේ
ආණ්ඩුකාරවරයා තමාගේ විෂය පථයෙන් බාහිර බලය අනිසි ලෙස යොදා ඇතැයිද අනුලා විද්‍යාලයට ඇතුළු වි බැණවැදිම සදාචාර විරෝධී බවද ඔහු කීවේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන යන දහම් පාසල වසා දමන ලෙස අමාත්‍යාංශය මීට සති දෙකකට පෙර එහි පරික්ෂකයන්ට දැනුම් දුන් බවය. අධ්‍යපන අමාත්‍යයට ලැබුණු පැමිණිලි මත පරිකෂණයක් පවත්වා එම පෞද්ගලික දහම් පාසල වසා දමන්නැයි එහි පරිපාලනයට දැක්වූ බවද එම නිලධාරියා කීය.
සිදුවීමට ඒරෙහිව පාසලේ දැරිය්නගේ දෙමාපියන් ඇතුළු පිරිස් විරෝධතාවය දක්වමින් සිටී.
-රංජන් කස්තුරි -