https://www.gossiplankanews.com/2019/01/dehiwala-business-man-death.html#more
දෙහිවල එබනිසර් මාවතේ පදිංචි හෝටල් ව්‍යාපාරිකයකු ඊයේ 20 වැනිදා අලුයම සිය නිවස ඉදිරිපිට දී වෙඩි වැදී මියයාම සිද්ධියක් වාර්තාවී තිබේ.
මෙය සියදිවිනසාගැනීමක් බවට හැඟවෙන සටහනක්ද තිබී ඇති අතර
වෙඩි තබා ගැනීමට උපයෝගී කරගත් බව කියන ගිනි අවිය බෝර 12 ගිනි අවියක් බවත් එය ඔහුටම අයත් එකක් බවත් පොලිසිය පවසයි. ඔහු වෙඩි තබා සිය දිවි නසා ගත්නා බවත්, මෙම මරණිය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නා ලෙසත් සඳහන් කරමින් සිංහලෙන් හා ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද

ඒ අසල තිබී පොලිසියට හමුවී ඇත.

තමන්ගේ මවගේ මරණය නිසා ඇතිවූ කම්පාව දරාගැනීමට නොහැකි නිසා මේ ආකාරයට දිවි තොරකරගන්නා බව ඔහු දන්වා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ක්‍රිෂාන් මුණසිංහ නමැති 64 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.
කිසියම් ශබ්දයක් ඇසී අලුයම 5.30 ට පමණ බලන විට ව්‍යාපාරිකයා කාමරයේ නොසිටි බවත් ඔහු නිවස ඉදිරිපිට පපුවට වෙඩි වැදී විත් සිටි බැවින් ව්‍යාපාරිකāමගේ රියි දෙහිවල පොලිසියට දැනුම් දී ඇත.

තුවාල ලබා සිටි ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහල රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. ව්‍යාපාරිකයාගේ මව ඉකුත් 22 වැනිදා මියගොස් ඇති අතර ඔහු එම කම්පනයෙන් සිට ඇති බවට තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි.
තමන් සිය දිවි නසා ගන්නා බවට ඉකුත් (28) දින බිරියට පැවසීමෙන් පසු බිරිය පිසින් ඔහුගේ ගිනි අවිය හංගා ඇති බවත් පසුව ඔහු වෙඩි තබා නොගන්නා බවට පොරොන්දු වී නැවත ගිනි අවිය ඔහු බාරයට ගෙන ඇති බවද පොලිසියට වාර්තාවී තිබේ..
ගල්කිස්ස හා දෙහිවල පොලිසි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.