https://www.gossiplankanews.com/2019/01/drug-mafia-reveal.html#more
පසුගියදා පොලිසිය මගින් වැටලීමට යෙදුනු කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් ඇතුළු පිරිස ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඔවුන් රඳවා තබාගැනීමේ
නියෝග ලබාගන්නට හැකි විය.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු එලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන බවයි.
මෙම මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇෆ්ගන් ජාතිකයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු බවට මේ වන විට තහවුරු වී තිබේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, සැකකරු සන්තකයේ තවත් විශාල මත්ද්‍රව්‍ය තොග පැවතිය හැකි බවට සැකකරන බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය සමග මෙරටින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙත මත්ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ද, සැකකාර ඇෆ්ගන් ජාතිකයා බවට හෙළි වී තිබේ.
මත්ද්‍රව්‍ය ගැණුම්කරුවන් වෙත ප්‍රවාහනය සඳහා ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා සම්බන්ධ වී ඇති අතර ඔවුන්ට ඒ සඳහා ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේ ය.
මේ අයගේ ජාවාරාම් ජාලය හඳුනාගැනීමෙන් පසු ඉදිරියේදී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන තෝරුන් කවුදැයි හදුනාගැනීමට හකිවනු ඇතැයි පොලිසිය විහ්වාසය පළ කර තිබේ.