වී ගොවීන්ට සහ එළවළු ඇතුළු බෝග වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබා දීමට නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වාර්තා කරයි.මෙම වෙබ්
අඩවියට පිවිසීමට www.croplook.net යන වෙබ් ලිපිනයද,
username:public ද, password: public ද භාවිත කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

ගොවි ජනතාව වෙත ඔවුන්ගේ බෝග වගා පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දෙමින් දැනුවත් කර තම වගාවන් පිළිබඳව ඵලදායී තීරණ ගැනීමට ගොවීන් දිරිමත් කරනු වස්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ, ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මඟින් මෙම වෙඩ් අඩවිය නිර්මාණය කර ඇත.

මේ මඟින් ලබාදී ඇති තොරතුරු අනුව 2019 ජනවාරි සිට 2019 මාර්තු අවසන් සති දෙක අතර කාලයේ අතිරික්ත වට්ටක්කා නිෂ්පාදනයක් සිදුවන බවත්, 2018 දෙසැම්බර් අවසාන සති දෙක තුළ පැවැති මිලට සාපේක්ෂව වට්ටක්කා මිල පහළ යෑමක්ද 2018/2019 මහ කන්නයේදී විශාල අස්වැන්නක්ද අපේක්ෂා කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වර්තා කරයි.

-නිසංසලා අබේගුණසේකර-