තායිවානයේ සමාජ ජාල රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි ගිගි වූ නමැති 36 වියැති රූමත් කඳු තරණය කරන්නිය අඩි 100ක් උස ප්‍රපාතයකට ඇද වැටීමෙන් පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත් වූවාය. තායිවානයේ ජුපෙන් කඳු පාමුල වැටී තිබූ
ඇගේ සිරුර නැන්ටෝ ගිනි නිවන භටයන් විසින් සඳුදා සොයාගන්නා ලදී. ප්‍රපාතයට ඇද වැටීමෙන් පසු ගිගිගේ ඉඟටියෙන් පහළ කොටස අප්‍රාණික වූ අතර උපකාර ඉල්ලා ඇගේ මිතුරකු වෙත දුරකථන ඇමතුමක් දී තිබූ බව එම ගිනි නිවන මධ්‍යස්ථානයේ කැප්ටන් චෑං චිං-පියාඕ ,CNN පුවත් සේවයට පවසා ඇත.
මේ නිසා 14,000 ඉක්මවන අති විශාල රසික පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමටද ඇයට හැකි විය. පසුගිය වසර 4 තුළ කඳු ශිඛර 100ක් තරණය කිරීමට ඇය සමත්ව තිබිණි. ඇගේ ෆේස්බුක් පිටුව වෙත රසිකයන් වෙතින් ශෝක ප්‍රකාශ පණිවුඩ නොකඩවා ලැබෙමින් පවතී.