ජාඇල ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙලඳසැලකින් ලක්ෂ 08ක් පමණ වටිනා රන් බඩු තොගයක් කොල්ලකෑ බව කියන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයෙක් සහ කොල්ලය සිදුකිරීමට ඔත්තු බැලූ බව කියන එම
සැකකරුගේ ගැබිනි බිරිය ද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාත් විසින් 22 දා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200ක් පමණ සොයාගත් බවද පොලිසිය කියයි.

මෙම සැකකරු හමුදාවේ සේවය කරන කාලයේ ඉලක්කයට වෙඩි තැබීමේ ශුරයා ලෙස කිහිප වතාවක සම්මාන ලබාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙසෙල අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මෝදර, මට්ටක්කුලියේ පදිංචි ආමි නාලක නැමැත්තා සහ ඔහුගේ 25 හැවිරිදි ගැබිනි බිරියයි.

ජාඇල පිහිටි ස්වර්ණාභරණ වෙළඳසල පසුගිය  වසරේ නොවැම්බර් 27 වැනිදා රාත්‍රියේ කොල්ලකෑමට ගිය අවස්ථාවේ සැකකාර ආමි නාලකගේ බිරිය සහ ඔහුගේ මිතුරකු සමග ගොස් ඔත්තු බලමින් සිට ඇති බව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවැසීය.


බිරිඳ සහ මිතුරා ඔත්තු බලමින් සිටි අතරවාරයේ සැකකාර  නාලක සහ ඔහුගේ පියා වන 48 හැවිරිදි ප්‍රසන්න නැමැත්තා සහ තවත් අයකු ත්‍රිරෝද රථයකින් පැමිණ ස්වර්ණාභරණ වෙළඳසලට කඩාවැදී ස්වර්ණාභරණ තොගයක් පැහැරගෙන පසුව සියලු දෙනාම පළාගොස් තිබිණු බව පොලිසිය කියයි.

පිය පුතු දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරෙක් විසින් සිදුකල මෙම ස්වර්ණාභරණ  කොල්ලයට එම තිදෙනා මීට පෙර පෑළියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට  පත්කරනු ලැබ සිටිති.

පොලිසිය පවසන ආකාරයට මෙම සැකකාර පිය  පුතු දෙදෙනා තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අය බව කියති.

ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙසේ කොල්ලකෑ ස්වර්ණාභරණ තොගය වරින්වර උකස් කර ලබාගත් මුදල්වලින් පිය පුතු දෙදෙනා හෙරොයින් මත්ඩු මිලදී ගෙන ඒවා පානය කර ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය කියයි.

කොල්ලයට ඔත්තු බැලූ බව කියන බිරිඳ සහ මිතුරාට, කොල්ලයට හවුල් වූ අනෙක් මිතුරාට ද ඒ වෙනුවෙන් ආමි නාලක නමැත්තා මුදල් ලබාදී ඇති බව පැවසේ.

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන පාතාල නායකයකු ලෙස සැලකෙන වැල්සේ සාරංග නැමැත්තාගේ සහෝදරයකු  වන සනත්ට කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ලඟදී ඉකුත් වසරේ  වෙඩි තැබීට ගොස් ඇත්තේ ද ආමි නාලක සහ ඔහුගේ පියා වන මහවත්තගේ ප්‍රසන්න (48) නැමැත්තා බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය.

පියා සහ පුතා ත්‍රිරෝද රථයකින් උසාවිය ළඟට ගොස් අති අතර ආමි නාලක නැමැත්තා පියාගේ අතට ගල්කටස්

අවියක් ලබාදී සනත්ට වෙඩි තබන ලෙස උපදෙස් ලබාදී අති බව ද පොලිසිය සඳහන් කරයි.

ප්‍රසන්න නැමැත්තා ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයෙන් බැස සනත් නැමැත්තාට වෙඩි තැබීමට උසාවි සංකීර්ණය ළඟට ගොස් වෙඩි තැබීමට ඉලක්කය ගත් අවස්ථාවේ සනත්  නමැත්තා ළඟ සිටි අයෙක් වෙඩික්කරු වෙත එක්වරම කඩා පැන්න අවස්ථාවේ වෙඩික්කාරයා බියට පත්වී දුවන්නට පටන්ගෙන ඇත. මෙසේ දිව යද්දි එම අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටි තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී හේරත් මහතා සිය ජීප් රථයෙන් පලා යන සැකකරු ලුහුබඳිමින් ඉදිරියට ගොස් ඔහු පසුකරනවාත් සමගම වෙඩික්කාරයාගේ ඇගේ වැදෙන ලෙස සිය නිල රථයේ ඉදිරිපස දොර විවෘත කර ඇත. දොර වැදීමෙන් ස්ථානයේ ඇදවැටුණු සැකකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබි තිබිණි.

පියා පොලිසියට කොටු වූ බව දැනගත් ආමි නාලක නමැත්තා ඔහු පැමිණි ත්‍රිරෝද රථයෙන් පළාගොස් ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ම් බව හෙළිවිණි යයි පොලිසිය කියයි.

ප්‍රතිවාදී පාතාල නායකයෙක් ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සනත් නැමැත්තාට වෙඩි තැබීමට පියා සමග ගිය බව ද ආමි නාලක නමැත්තා පොලිසියට පවසා  ඇත.

ජාඇල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලකා පැහරගන ගිය ආභරණ තොගයෙන් කොටසක් උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී පාතාලයට සම්බන්ධ බව කියන දෙදෙනකුට කාර් රථයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීම ද ආමි නාලක නැමත්තාගේ සම්බන්ධයක් තිබෙන බවට සැකකරන පොලිසිය ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වාගෙන යයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලිප්ටන් ද සිල්වා මීහතාට ලැබුණු තොරතුරක් ඔස් කරනලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.