පැහැරගෙන යාමට ලක්ව ඇත්තේ අහංගම නගරයේ ගමන් මළු ව්‍යාපාරිකයෙකුවු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් ඉමදුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුලු කිරිමට උත්සාහකල අවස්ථාවේ එහි පොලිස් මුරපොලේ රාජකාරියේ සිටි නිලධාරින් විසින් සැකපිට මෝටර් රථය පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ පුද්ගලයෙකු
පරිකෂණවලදි අනාවරණයවි ඇත්තේ මෙම පැහැරගැනිම මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය.ව්‍යාපාරිකයා හංවැල්ල ප්‍රදේශයේ සිටියදි සැකකරුවන් ඇතුලු තවත් අයගෙන් විශල ණය ලබාගෙන ඒවා පැහැර හැර අහංගම ප්‍රදේශයේ සැඟවි සිටියදි සැකකරුවන් පැමිණ මෙසේ පැහැර ගෙන යාමට උත්සාහ කර ඇති බවත් මෙම ව්‍යාපාරිකයාට විරුද්ධව හංවැල්ල පොලිසියේද පැමිණිලි තිබෙන බවත් අනාවරනයවි තිබේ.
එම පැමිණිලි අනුව ලක්ෂ අසුවකට වඩා ණය තිබෙන බවත් ඒවා ගෙවා ගැනිමට නොහැකිව මෙසේ අහංගම නගරයට පැමිණ ගමන් මළු වෙළඳසලක් පවත්වාගෙන යමින් සිටින බවට තොරතුරු ලැබිමෙන් පසු සැකකරුවන් පැමිණ පැහැරගෙන යමින් සිටි බවත් වැඩිදුරටත් අනාවරණයවි තිබේ.
අහංගම පොලිස් ස්ථානාධිපති උපුල් විරසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ උප පොලිස් පරික්ෂක දර්ශණ නානායක්කාර මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පව්වා ගෙන යනු ලැබේ. සැකකරුවන් අද(16)ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුනෙත් ගාල්ලගේ