තිබුන අතර එලෙස ඡායාරූප ගෙන සමාජ ජාලාවෙත මුදාහැර ඇත්තේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධි ශිෂ්‍යයන් හත් දෙනකු බවත්, ඔවුන් අම්පාර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් සැල විය.
මින් ඉහත පිදුරංගල විහාරයේ අසභ්‍ය ලෙස හැසිරීමට අදාළ ඡායාරූප ගැන පොලිස් විමර්ශන සිදුවූ ආකාරයට මෙම සිදුවීමද සිදුව තිබේ.
අනුරාධපුර පුරා විද්‍යා කලාපයේ
සිදු කළ විමර්ශනවලදී මෙම පෞරාණික ස්ථානය නැරඹීමට නිතර සංචාරකයින් පැමිණෙන බවත් එය පුරාවිද්‍යා ස්ථානයක් බවට නාම පුවරුවක්වත් යොදා නැති බවත් හෙළි වූ බව කී පොලිසිය එම ස්ථානයේ ආරක්‍ෂාවට යොදා සිටින්නේද මුස්ලිම් ජාතිකයකු බව පැවසීය.
මෙම ස්ථානයේ ලංකාවේ දෙවැනි ලොකුම පොකුණ, පැරණි රෝහලක නටබුන් ඇතුළු පුරාවිද්‍යා නටබුන් ඇති නමුත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පුරාවිද්‍යා ස්ථානයට හානියක් කළ බවට වාර්තා වී නැතැයි පොලිසිය වාර්තා කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.