යුද හමුදා කපිතාන්වරයකු සහ කෝප්‍රල්වරයෙකු මියගොස් හමුදා සෙබළුන් තවත් තිදෙනකු තුවාල ලබා ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එකොළොස් වැනි පාබල හමුදාවේ කපිතාන්වරයකු වූ පොළොන්නරුව පුලතිසිපුර එචි.ඩබිලිව්. ඩී. ජයවික්‍රම සහ පළමු වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයකු වූ එස්. එස්. විජේකුමාර
පළමු වන ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් කුමාරසිංහද බරපතල තුවාල ලබා ඇත.
හමුදා රථ පෙළ ගාවෝ ප්‍රදේශයේ සිටි කිලෝමීටර් 582ක් දුර පිහිටි මොප්කි ප්‍රදේශය බලා මෙහෙයුමකට ගොස් නැවත ගාවෝ බලා එන අතරේ ඩුඑන්සා කාන්තාර ප්‍රදේශයේදී මෙලෙස බෝම්බයකට හසුවි ඇති බව වාර්තාවේ. මෙම බෝමිබය දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැර ඇති අතර ප්‍රහාරය එල්ල වූ රථයට පිටුපසින්
ගමන් ගත් තවත් හමුදා රථයකටද ඉන් හානි සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ හමුදා සෙබළුන් ගුවන් මගින් සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මිටර් 400ක පමණ දුරකින් පිහිටි ගාවෝ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක කයුතු සඳහා ගොස් සිටියදි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් මියගිය ප්‍රථම අවස්ථාව මෙයයි. සිද්ධියෙන් අනතුරුව එම ප්‍රදේශයේ පුළුල් සෝදිසි
මෙහෙයුමක් ආරමිභ කර ඇති අතර මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මූලස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරමිභ කර ඇත. ඉකුත් වසරේ මාර්තු මාසයේදී ද මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා හමුදා රථ පෙළක් ඉලක්ක කර කිලෝ 38ක අධිබලැති බෝමිබයක් පිපිරවීමට උත්සාහ කළ ත්‍රස්තවාදියකු හමුදාව විසින් එම බෝම්බයද සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්ද වාර්තාවී තිබුණි.
(ඡායාරූප ඩබිලිව්.ඒ. පියතිලක සහ මොරගොල්ලාගම සිසිර කැලේගම)