අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ
මීට ප්‍රථම කිරිපිටි සමාගම් කිහිපයක් හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම අවධාරණය කළේ ලෝක වෙළෙඳපොළ කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට හෝ ආනයනික කිරිපිටි සදහා අය කරන රුපියල් 107ක්ව පැවැති බද්ද අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (24) කළ විමසීමකදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂමන් වීරසූරිය මහතා පැවසුවේ මේ වන විට කිරි පිටි ආනයනය කිරීම නැවැත්වීමට පියවර ගෙන නැති බවත්, මිල සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සමග ඊයේ කතාබහක යෙදුන බවත්ය.
-චාමිකා මුණසිංහ-