මෙම අපරාධයට හවුල් වූ බව කියන තරුණයකු ද රත්මලාන ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ ආඩිගම, පුනවිටිය පදිංචිව සිටි මෝතා ඥානවනී (67) නමැති දෙදරු මවකි. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මොනරාගල, බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු ආඬිගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක සේවය කරමින් සිටියදී ඥානවතී මහත්මියගේ පුත්‍රයකු සමග මිත්‍ර වී පවුලේ හිතවතෙකු බවට පත්වී ඇතැයි පොලිසිය කීය.
මෙම සැකකරු ඥානවනී මහත්මියගේ පුතාට දුරකතන ඇමතුමක් ලබාදී එම රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් රෝහලෙන් ටිකට් කපා ඇති නිසා මැදගම පිහිටි නිවෙසට යාමට කුරුණෑගලට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
තම හොඳම මිතුරාට පිහිටවීමේ අරමුණින් ඥානවතීගේ පුතා කුරුණෑගල බස් නැවතුම්පොළට ඉකුත් 11 වැනිදා රාත්‍රියේ ගොස් ඔහු (ප්‍රධාන සැකකරු) එනතෙක් රැදී සිට ඇත.
මධ්‍යම රාත්‍රී වන තෙක් බලා සිටියත් මිතුරා නොපැමිණි නිසා ඥානවතීයේ පුතා යළි ආණමඩුවට ඒමට බස් රථයක් නොතිබූ නිසා බස් නැවතුම්පොළේ බංකුවක් මත වාඩි වී රැය පහන්කර තිබේ.
හොඳම මිතුරාට මෙසේ බොරු කියා කුරුණෑගලට පිටත් කර යැවීමෙන් පසු ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමග ඥානවනී මහත්මියගේ නිවෙසට ඉකුත් 12 වැනිදා රාත්‍රියේ ගොස් තිබෙන බව එම පොලිස් නිලධාරියා කීය.
සැකකරුවන් දෙදෙනා වත්තේ පිහිටි කුකුල් කූඩයට ගල් ගැසූ අවස්ථාවේ ඒ ගැන විපරම් කිරිමට ඥානවනී මහත්මිය පැමිණි අවස්ථාව්වේ ඇය අල්ලාගෙන ඇත. මේ අවස්ථාවේ ඇය සැකකරුවන්ට පහර දෙමින් ඔවුන්ගෙන් මිදීමට පොරකා ඇති බව කියති.
සැකකරුවන් දෙදෙනා ඥානවතී මහත්මියගේ අත්පා ගැට ගසා මුහුණ රෙද්දකින් කිටි කිටියේ තදවන සේ බැඳ දමා ඇය ඔසවාගෙන ගොස් මුළුතැන්ගෙයි අසල තබා ඇය පැළඳ සිටි රන් මාලය හා මංගල මුද්ද ගලවාගෙන පළාගොස් ඇත.
ප්‍රධාන සැකකරු 37 හැවිරිදි වියේ පසුවන තිදරු පියකු වන අතර අනෙකා 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඥානවතී මහත්මියගේ සැමියා 60 වැනි වියේ පසුවන අතර ඔහු ශ්රවණබාධිතව පෙළෙන නිසා මේ කිසිවක් ඇසී නොමැති බව ද පොලිසිය පවසයි.
රත්මලාන ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රධාන සැකකරු සහ අනෙක් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
පැහැරගෙන ගිය රන් මාලය රුපියල් 54,000කට උකස් කර මුදල් ලබාගත් බවන් මංගල මුද්ද මැදගම පිහිටි නිවසේ තිබෙන බවත් ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබෙන බව පැවැසේ.
රෙද්දකින් මුහුණ කිටි කිටියේ කදවන සේ බැඳීම නිසා හුස්ම හිරවී ඥානවනී මහත්මිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.