වෙද වාර්තාව ඉකුත් 04 වැනිදා මීගමුව රෝහලේ හදිසි මරණ පරික වෛද්‍ය ශ්‍රියන්ත මහතා වෙත ඉදිරිපත් කර ඇත. එම මරණය මළපහ ද්‍රව්‍ය පිට උගුරේ යෑම නිසා වී ඇති මරණයක් බවට සිය තීන්දුව දෙමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. මියගිය දැරියගේ මව සහ මියගිය දැරිගේ පියාගේ මව ශ්‍රියාණි යන අය මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මීගමුව කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා මම අවාසනාවන්ත මරණය වී ඇති බවයි.
මරණ පරීක්ෂණයේදී රජගහපුර පදිංචි මුතුගල් පේඩිගේ මල්ලිකා සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
චූටි දුවට මළ පහ පෙවී බේබි කාමරයට අරගෙන කියලා දැන ගත්තා. දරුවා දුටුවේ නැහැ. චූටි දුව මිය ගොස් ඇතැයි පසුව දැන ගත්තා . මට දුවට අමාරුයි කියපු අවස්ථාවේ සීසර් සැත්කම කළා නම් මෙවැනි දෙයක් වෙන්නේ නැතැයි සාක්ෂිකා පවසා ඇත. මීගමුව රෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි
ඩී.කේ. විජයවර්ධන මහතා මලපහ ද්‍රව්‍ය පිට උගුරේ යෑම නිසා වී ඇති මරණයක් ලෙස වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ අතර එම වාර්තාව හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව රෝහලේ හා මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මලපහ ද්‍රව්‍ය පිට උගුරේ යෑම නිසා මෙම මරණය වී ඇතැයි සිය තීන්දුව දෙමින් ප්‍රකාශයට පත් කර තිබේ.
දැරියගේ මව දරුවා බිහි කිරීමට ප්‍රථම සායනවලට හා නාරි දේහ විශේෂඥ වෛද්‍යවරුන් වෙතද ගොස් ඇති අතර එහිදී දරුවා නිරෝගීව සිටිනවා කියා ඇත. වෛද්‍ය උපදෙස් මත සිය පළමු දරුවා බිහි කිරීම සඳහා කටයුතු කළ බවද දැරියගේ මවගේ සාක්ෂිවලින් කියැවේ.
-නිමන්ති ප්‍රනාන්දු-