ලක්කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත්ව තිබේ.
මෙහෙණියක රංචු ගැසී දූෂණයට ලක්කර එම සිදුවීම ජංගම දුරකථනයෙන් පටිගතකළ බවට ඔවුනට එරෙහි පැමිණිල්ල ලැබී තිබූ අතර ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇත.
පදවිය ප්රදේශයේ විහාරයක වැඩ වසන බව කියන මෙම හිමි නම
පැමිණිල්ල මත මේ අය අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා පෙරේදා (22) නියෝග කළේය.හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අපරාධය සිදුවීමෙන් අනතුරුව පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඒ මහතා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ල යොමු කිරීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවා තිබිණි.
සැකකාර විහාරාධිපති හා රියැදුරා අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කියා සිටියේ සිද්ධියෙන් අනතුරුව පළාගොස් සිටි සැකකරුවන් පොලිස්ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.