වවුනියාව නගරයේ සිනමා ශාලාවක චිත්රපටයක් නැරඹීමට පැමිණි පිරිසක් හා සිනමා ශාලාවේ සේවකයින් අතර 11 දා රාත්රියේ ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම තුන් දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට
ඇතුළත් කොට තිබේ.
වවුනියාව නගරයේ පිහිටි වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන ''විශ්වාසම්'' නමැති සිනමාපටයේ පළමු ප්රදර්ශනය නැරඹීමට ප්රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර මුලින්ම ගැටුමක් හටගෙන තිබේ.
ගැටුම විශාල ලෙස උග්ර වූ අතර තරුණයින් කීප දෙනෙකුම බිම පෙරළා ගෙන පහර දෙන තත්වයටම ගැටුම උග්ර වී තිබේ.
දකුණු ඉන්දීය සිනමා පට නැරඹීම වෙනුවෙන් උතුරේ තරුණයින් දැඩි රුචිකත්වයක් දක්වන අතර,දකුණු ඉන්දියාවේ තරමටම සිනමා උන්මාදයක් උතුරේ තරුණයින් අතර පවති.
දකුණු ඉන්දීය සිනමා තරු වන විජේ,අජිත් කුමාර් හා රැජිනිකාන්ත් රඟන 'විශ්වාසම් සිනමාපටයේ පළමු ප්රදර්ශන නැරඹීම වෙනුවෙන් සිනමාශාලා අසළ දැඩි තදබදයක් පවති.
මේ සිද්ධිය පිළිබදව සිනමා ශාලාවේ කලමනාකරු වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
-දිනසේන රතුගමගේ-