වීමෙන් පසු ඒ හමුව පොදු අපේක්ෂකයෙකු පිළිබඳව යයි කියැවෙන ආරංචි සත්‍යයෙන් තොර බවට සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් සඳහන් කර තිබේ.
පසුගිය හතර වැනිදා සවස් යාමයේ රාජිත සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරයෙහිදී හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමග විශේෂ
අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන බව වුවත් දීර්ඝ සාකච්ඡාව මීළඟ ජනාධිපතිවරණයේ එජාපෙ පොදු අපේක්ෂකයා සංගක්කාර බවට පත්කිරීමේ මූලික සාකච්ඡාවක් බවට කසුකුසු පැතිර තිබුණි. මින් ඉහත අවස්ථා ගණනාවකදී තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර කියා තිබීම නිසා මේ ගැන ස්ථිර නිගමනයකට එළැඹෙන්නට කිසිවෙකු අපොහොසත්ව තිබුණි.
2015 පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ගෙන ඒමටද රාජිත මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් පාඨලී චම්පික, චන්ද්‍රිකා, රාජිත, රනිල් පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීමට මූලික කටයුතු කරමින් සිටින අතර කිසිවෙකු විශ්වාස නොකරන අපේක්ෂකයෙකු ගෙන එන බවට අවස්තා කිහිපයකදී ප්‍රකාශ කිරීමත් මෙම සැකය මතුකරවන්නට තවත් හේතු ඇති කර තිබුණි.
කෙසේ වෙතත් මෙම පුවත පැතිරයාමෙන් පසු ට්විටර් ඔස්සේ රසිකයෙකු සංගක්කාරගෙන් මේ ගැන විමසා තිබූ අතර එයට ප්‍රතිචාර ලෙස සංගක්කාර එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ.
පහත පළවන්නේ සංගක්කාරගේ ට්විටර් සටහනයි.