සීගිරිය දිය අගල ඇතුළත කලාපය ලබන මස 01 වැනිදා (හෙට ) සිට පොලිතින් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර ඇත.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් එම්.එම්.නිශාන්ත මහතා ප‍්‍රකශ කරයි.

ඒ අනුව හෙට ( 01දා) සිට සීගිරිය දිය අගල ඇතුළත කලාපයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචරකයිනට තහනම් කරනු ලබන බවත් ආහාර ද්‍රව්‍ය ලෙස බිස්කට් වර්ගයක්
රැගෙනයෑමට අවසර ලබාදෙනුයේ එහි පිටතින් ඇති පොලිතින් ආවරණය ඉවත් කිරීමෙන් පසු බවත් ඒ මහතා පැවසීය.

එසේම ජල බෝතල්වල මූඩියේ ඇති පොලිතින් ආවරණය හා පිටතින් ඇති ලේබලය හා එම පොලිතින් ආවරණය ඉවත් කර ජල බෝතල් රැගෙන යෑමට අවසර දෙනු ලබන බවත් බිස්කට් හා ජල බෝතලය රැගෙනයෑම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බෑගයක් හඳුන්වා දෙනු ලබන බවත් එම බෑගය යළි භාරදී අපද්‍රව්‍ය සියල්ල සංචාරකයා විසින් රැගෙන යායුතු බවත් ඒ මහතා ප‍්‍රකාශ කරයි.

එසේම ප‍්‍රධාන රථ ගාල් ලෙස හදුන්වා දී ඇති මොරගහමුල හා කෞතුකාගාර පරිශ‍්‍රයට ළඟාවෙන රථවාහන තුළ ඇති ඉවතලන පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය එම කලාපයට මුදාහැරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ද, සීගිරිය නැරඹීමට පැමිණෙන සියලූ‍ම දෙස් විදෙස් සංචාරකයින් විසින් රැගෙන එන සියලූ‍ අපද්‍රව්‍ය යළි ඔවුන් විසින්ම ආපසු රැගෙන යායුතු බවට ද එම වැඩ පිළිවෙළ නිරන්තර අධීක්ෂණය කරමින් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

මේ පිළිිබඳව සීගිරිය අවට සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ද දැනුවත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

-සරත් එරමිනිගම්මන -