ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ රත්නපුර  ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ග්‍රාමීය මාර්ග 17 ක් ඊයේ දිනයේ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ අතර එහිදි ඇය මෙසේ අදහස් පළ කළාය..‍



මේ සියලු සංවර්ධන යෝජනා ක්‍රම අපි කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන්.අපේ මුදල් ඇමතිතුමා මුදල් දීලා තියෙනවා.මේ සංවර්ධන යෝජනා සදහා එන්න තිබුණු ඊළග මුදල් කොටස එන්න තිබුණේ නොවැම්බර් 21 වැනිදා.දේශපාලන කුමන්ත්‍රණය නිසා සමහර අය අගමැතිවරු පත් කරන්න බලය පැහැර ගන්න උත්සාහ කලා බලය පැහැර ගන්න
උත්සාහ කළ නිසා මේවා ඔක්කොම ඇණ හිටියා.
ගම්වල ඉන්න සමහර උදවියට මේවා තේරෙන්නේ නැහැ.පාරේ වැඩ පටන් ගත්තා වැඩේ කලේ නැහැ කියලා කියනවා.මට මුදල් අනුමත වෙලා තිබුණා රුපියල් ලක්ෂ 930 ක් ඒවා ආපසු ගියා.ඒකට හේතු වුනේ බලයේ රැදී සිටීමේ අවශ්‍යතාවය නිසා එක කණ්ඩායමකුත් තමන්ට තියෙන වංචා දූෂණ නඩු ඉවර කර ගන්න තවත් කණඩායමකුත් එකතු වුනු නිසා කුමණ්ත්‍රණකාරීව අවුරුදු පහකට පත් කර ගත්ත රජය උදුර ගන්න උත්සාහ කළා.මම කියන්නේ ඕනම කෙනෙකුට අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මුහුණ දෙන්න සුදානම්.