https://www.gossiplankanews.com/2019/01/trinco-goats-punchi-nilame.html#more
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට උත්සහ කළ අයකු පෙරේදා (20) පස්වරුවේ අග්බෝපුර පොලිස් වසමට අයත් අම්බෝගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා රැගත් වාහනය නිසා එළුවන් රංචුවක්
කුලප්පුවීම හේතුවෙන් කෝපයට පත් වූ බීමත් පුද්ගලයකු

තමාට මෙසේ කැත්තකින් පහරදිමට තැත් කළ බව මන්ත්‍රීවරයා පොලිසියට කළ පැමීණිල්ලේ සඳහන් වේ.

මේ අතර මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් තමාට පහර දුන් බවත් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා කන්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිද්දී
පොලිසියෙන් පැමිණ අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට පවසා ඇත.

මේ සම්ඛන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ  පහරදීමේ චෝදනාව ප්‍රතික්‍ෂේප කරමින් පැවැසුවේ කැත්තක් රැගෙන තමන්ට පහර දීමට පැමිණි පුද්ගලයා තමාගේ ආරක්ෂක නිලධාරින් විසින් මෙල්ල කරනු ලැබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අත්අඩංගුවට පත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව