ඔවුන්ගෙන් ලබාගත් පටිගත වීඩියෝ සාක්ෂි ඒ සඳහා ඉදිරිපත් කිරීම කෙරෙහි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව ඇත.
මෙයින් අදහස් වන්නේ අතවරය සිදුවූ පසු එම ස්ථානීය ලක්ෂණවල වීඩියෝ හා සිදුවූ ආකාරය දැරිය පවසන අයුරු ඇගේ ඉදිරිපත්කිරීම් ලෙස වීඩියෝය.
එම වැඩපිළිවෙළට අනුව කිසියම් ප්‍රදේශයක දරුවකුට හෝ දැරියකට එවැනි අතවරයක් වූ බවට පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලද පසුව එම සිද්ධීන් සම්බන්ධයෙන් එකී දරුවන් දෙන සාක්ෂි එම ප්‍රදේශයේ පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක නිලධාරීන් එක්ව වීඩියෝ ගත කරගත යුතු අතර එම සාක්ෂි ලබාගැනීම එම ප්‍රදේශයේදීම සිදු කළ යුතුය.
එසේ සාක්ෂි ලබා ගැනීමෙන් පසුව එකී දරුවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන හා අධිකරණ කටයුතු සඳහා එකී වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කෙරේ. ඒ සඳහා එම දරුවන් වෙමු නොකෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ මෙම වැඩපිළිවෙළේ මූලික කටයුතු මේ දිනවල අත්හදා බලමින් පවතින බවත් ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
-කුමුදු උපුල් ශාන්ත-